කාන්තාවක් දූෂණය කර ඇය සතු භාණ්ඩ කොල්ල කාලා.

නිවසකට ඇතුළු වී සහකාර සංවර්ධන නිලධාරිනියක දූෂණයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු සොයා වරකාපොල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස දූෂණයට ලක්වී ඇත්තේ 48 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇයව දූෂණයට ලක් කළ පුද්ගලයා ඇය පැළඳ සිටි කරාබු ජෝඩුව සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇති බවට පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ.

Exit mobile version