ධර්මාශෝකයේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තැබීමට අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදු වීමට ආධාර අනුබල දුන් කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති අතර ,ඇය සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 118ක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයාගෙන ඇති බව සදහන්.

ඉදිරි විමර්ශණ කටයුතු සදහා අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මිනුවන්ගොඩ පොලිසියට භාර දී තිබේ.

Exit mobile version