හොරෙපේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මීටර් සීයක් පමණ දුරින් වූ දුම්රිය මාර්ගයේ අද (16) කාන්තා මළ සිරුරක් තිබී සොයා ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය ප්‍රකාශ කරන්නේ ඇයගේ අතක් සිරුරෙන් වෙන්වී තිබූ බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවල , රාජගිරිය , පාසල් මාවතේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි .
රාගම පොලිසිය සඳහන් කරන්නේ ඇය පෞද්ගලික නීතිඥ සමාගමක සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන් සේවය කරමින් සිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වලදී හෙළිකර ගැනීමට හැකි වූ බවයි.
එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී මරණකාරියට අයත් අත් බෑගයක් සහ ජංගම දුරකථනයක්ද සොයා ගෙන තිබේ . එම අත් බෑගයේ තිබී අනුරාධපුරය සිට කොළඹ කොටුව බලා අද (16) උදෑසන පිටත් වූ දුම්රියේ යාම සඳහා ලබා ගත් ටිකට් පතක් ද වූ බව පොලීසිය සඳහන් කර තිබේ.
