බද්දේගමදී අපූරු දන්සලක්.

බද්දේගම ගිනිමැල්ගහ ප්‍රදේශයේ පැවැත්වූ අපූරු දන්සලක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

මෙම දන්සැලෙන් විශාල පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් අතර දන්සැලෙන් බෙදා ගත් කෑම පිගානේ ඇති ආහාර අපතේ නොයවා සම්පූර්ණයෙන්ම ආහාරයට ගෙන අවසන් කළ පිරිස අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් විශාල පිරිසකට ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවූ බව සඳහන්.

වර්තමානයේ දැඩි ආහාර අර්බුදයකට ලක්ව ඇති මොහොතක ආහාර සුළු ප්‍රමාණයක් හෝ අපතේ නොයවා ආහාරයට ගැනීමට දිරිගැන්වීම සඳහා මෙය සැලසුම් කර තිබේ.

මෙම හේතුව නිසා මෙම දන්සලෙන් ආහාර බෙදාගත් සියලුම දෙනා ආහාර අපතේ නොදමා සම්පූර්ණයෙන් ආහාරයට ගත් බව වාර්තා වේ.

Exit mobile version