ජිනීවා ගුවන්තොටුපළේ සේවක වර්ජනයක්.

ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපළේ සේවක වර්ජනයක් හේතුවෙන් ගුවන් යානා 59ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

අනුමත කළ නව වැටුප් ප්‍රතිපත්තියකට විරෝධය පළ කරමින් ආරම්භ කර තිබූ මෙම වර්ජනය පැය හතරක කාලයක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලය තුළ සියලු ගුවන් මෙහෙයුම් අත්හිටුවා තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version