ඕස්ට්‍රේලියාවේ 64 හැවිරිදි කාන්තාවකගේ මොළය තුල සජීවී පරපෝෂිත පණුවෙක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම පණුවා සොයාගෙන ඇති අතර මෙම පණුවාගේ දිග සෙන්ටිමීටර් 8කි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවන් ආසාදනයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි.
සැත්කමින් පසුව පණපිටින් දගලමින් සිටි මෙම පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහළු හා අක්මාව ඇතුළු අනෙකුත් අවයවවලටත් ආසාදානය වී ඇති බව සදහන්.
කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන සංජය සේනානායක පවසන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරයෙන් මොළය ආසාදන සමග කටයුතු කරන බවත් නමුත් මෙවන් සිදුවීමක් මීට පෙර දැක නොමැති බවයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම පණුවන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ආවේණික පිඹුරන්ගේ ආමාශ ආන්ත්‍රික පද්ධතිවල වාසය කරන බවයි.
