සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව ඇති අතර එම ව්‍යාජ ලේඛන ද සමඟ ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කරන ආකාරයට එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථයක ලියාපදිංචි පොතක් සකසා දෙන බවට පවසා පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් වංචා කර බවයි.
පසුව ඒ සම්බන්ධ පැමිණිල්ල පේරාදෙණිය පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 21 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
