විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට.

හඟුරන්කෙත , අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි තරුණයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටිය දී ස්විචයක් ක්‍රියාවිරහිත කිරීමට යාමේ දී මෙලෙස විදුලි සැර වැදී ඇති අතර පසුව මොහුව රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අඹේවෙල , අධිකාරිගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version