සාදයක් අතරතුර තරුණයෙක් මරුට.

ඊයේ (17) රාත්‍රී කාලයේ  කොළඹ වරාය ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය  සාදයක් අතරතුර හටගත් ගැටුමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ,.

අනන්‍යතාවය තහවුරු වී නොමැති මිය ගිය තරුණයා  වයස අවුරුදු 25ක් පමණ වන එම බව පොලීසිය පවසයි.

එම සාදය අතර තුර පහර දීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ තරුණයා අද (18) දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව සදහන්වේ.

මෙම මරණය  සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version