දියේ ගිලී තරුණයෙකුට දිවි අහිමි වෙයි.

ඊයේ (19) කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී දියේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි මදුරන්කුඩා ,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පවසන්නේ මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කුච්චවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version