කෝටි දෙකක කුඩු සමග තරුණයෙක් මාට්ටු .

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ ‌ ගෝලයකු බව කියන පුද්ගලයකු පානදුර අලුබෝමුල්ල දික්තුඩුව පාරෙදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිට ඇත්තේ පානදුර දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකි.

මොහු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අයකුගේ ගෝලයකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන අයකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සමීපතමයකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

Exit mobile version