සහරාන්ගේ දේශනවලට ගිය තරුණයෙක් රක්ෂිතයට.

මොහොමඩ් සහරාන් විසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ පැවැත්වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව පවසන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

සැකකරු මෙම අන්තවාදී පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූ බවට දුරකථන දත්ත මඟින් අනාවරණය කරගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මෙම පැවැත්වූවා යැයි කියන දේශනය 2018 වර්ෂයේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් පවත්වා තිබෙන බව සඳහන්.එමෙන්ම එහිදී අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරක් පවත්වා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි අජ්මාල් සහීර්  නැමැති 23 හැවිරිදි තරුණයෙකි.

Exit mobile version