තරුණියක් පොලිස් නිලධාරින් දෙදෙනෙකු සපා කාලා.

තරුණියක් විසින් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් නිලධාරිනියකගේ ඇගිල්ලක් සපා කෑ පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් වාර්තා වේ.

සපාකෑම නිසා පොලිස් නිලධාරිනියන් දෙදෙනාම රෝහල් ගත කර ඇති බව සදහන්.

බීමතින් රිය පැදවූ තරුණයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රීයේදී සැක පිට පොලීසියට රැගෙන විත් ඇති අතර එම තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ පෙම්වතියක් මෙලෙස පොලිස් නිලධාරිනියන් දෙදෙනා සපා කෑ බවට තොරතුරු වාර්තා වේ.

පොලිස් නිලධාරිනියන් දෙදෙනා සපා කෑ මෙම තරුණිය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකාරියගේ සපා කෑමෙන් එක් පොලිස් නිලධාරිනියකගේ ඇගිල්ලක් හා අනෙක් නිලධාරිනියගේ ලැම ප්‍රදේශය තුවාල වී ඇති අතර තුවාල ලැබූ දෙදෙනාම බම්බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.

Exit mobile version