නීතී විරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත්ව යාමට උත්සාහ කළ තරුණියක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මඟින් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් සැකකාරියව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
වාර්තා වන ආකාරයට කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා යොමු විය හැක්කේ වයස අවුරුදු 21 ඉක්මවූ තරුණියන්ට වන නමුත් ඇය ගෘහ සේවය සදහා යොමු විය හැකි නිසි වයස සම්පුර්ණ කර නොමැත.
සැකකාරිය 20 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් වෙත භාර දී තිබේ.
