තවත් රිය අනතුරක්.

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන්.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරෙන් යතුරුපැදි කරුද තුවාල ලබා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.

මේ පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version