අනතුරුවලින් වසරකට විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට.

සෑම පැය තුනකටම වරක් අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය යන බවත් , වාර්ෂිකව පුද්ගලයින් 12,000 ක් පමණ මිය යන බවත් ජාතික අනතුරු වැළැක්වීම සහ කළමණාකරණ වැඩසටහනේ කළමණාකරු ප්‍රජා වෛද්‍ය විශේසඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මේ මස 3 වනදා සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

Exit mobile version