ලෝකයේ මේ වන විට බෙහෙත් මත පදනම් නොවූ සෞඛ්‍යය ක්‍රමවේදයක් ගැන කථා කරන විට අප රටේ පාර්ලිමේන්තුව තුළ බෙහෙත් මත පදනම්වූ සෞඛ්‍යයක් ගැන කථා කිරීම ගැන කනගාටුවන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට නීරෝගී සෞඛ්‍යයක් සඳහා භාවනා,යෝගී ව්‍යායාම,ජල චිකිත්සාව,සංගීත චිකිත්සාව,ආහාර රටාව,චර්යා රටාව ආදිය වැඩි දායකත්වයක් ලබාගැනීමට උනන්දුවන බවත් , දීර්ඝ කාලයක් ඖෂධ ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවන බව හඳුනාගෙන ඇති නිසා මෙවැනි විකල්ප වෙත යොමු වන බවත් එහිදී අමාත්‍යවරයා අදහස් දක්වන ලදී.
නමුත් අද පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමට යොමු නොවී පුද්ගලයෙක් කේන්ද්‍ර කරගනිමින් විවාද කිරීම කනගාටුවට කරුණක් බවත් , එසේම එවැනි විවාදයකට සුදුසු පුද්ගලයින් සිටීදැයි කියා තමාට සිතාගත නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
