අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිත බව වාර්තා වේ .
එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව සඳහන්.
එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (09) සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද ඥාතීන් දැනුම් දී තිබේ .
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණි.
