අදානි සමූහය වැඩ අරඹයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ඉන්දියාවේ අදානි සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරි අනිල් සර්ධානා ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවෝට් 500ක ධාරිතාවයකින් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඊයේ (12) පැවති මෙම හමුවේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු ,අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇති බව සදහන්.

එහිදී අදානි සමූහය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීම තම අපේක්ෂාව බවයි.

Exit mobile version