හෙරෝයින් සමඟ අයෙක් අත්අඩංගුවට .

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (08) දහවල් ගල්කිස්ස පොලිස් වසමේ දෙවට පාර ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර මොහුව අද (09) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් .

වැඩි දුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version