අසභ්‍ය පින්තූර යැවූ ඇදුරා අත්අඩංගුවට.

තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලක ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අදාළ සිසුවියගේ දෙමව්පියන් විසින් පරිවාස කාර්‍යාලය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු මලියදේවපුර , තඹුත්තේගම පදිංචි 43 හැවිරිදි අයෙකි.

මොහු අද (31) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version