කටුනායක ආරක්ෂාව තර කරන්නැයි ටිරාන්ගෙන් උපදෙස්.

කටුනායක ගුවන්තොටුපොළට නව CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (17) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ .

මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මඟින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම නව e-gate කවුන්ටරයක් පිහිටුවීම සම්බන්ධවද මෙහිදී ටිරාන් අලස් මහතාගේ අවධානය යොමු වී තිබේ.

Exit mobile version