රජයේ කර්මාන්තශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඊට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන් මහතාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
එමගින් ආයතනයේ අඩුපාඩු සියල්ල හෙළිදරව් කරගත හැකි බවත් , රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් නවීන ලෝකයට ගැළපෙන පරිදි දියුණු කිරීම සඳහා මෙවැනි විගණන පරික්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන ලදී.
