ඇෆ්ගන් කාන්තාවන්ට වනෝද්‍යානයක් තහනම් කෙරේ.

ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වාර්තා වන ආකාරයට බන්ද් ඊ අමීර් ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම මෙලෙස කාන්තාවන්ට තහනම් කර ඇත්තේ ඊට ඇතුළුවීමෙන් පසු කාන්තාවන් නිසි ලෙස හිජාබය නොපළඳින බවට චෝදනා කරමින් වන අතර ඒ අනුව නිසි විසඳුමක් සොයාගන්නා තෙක් කාන්තාවන්ට වනෝද්‍යානය තහනම් කර තිබේ.

2009 වර්ෂයේ දී ඇෆ්ගනිස්තානයේ පළමු වනෝද්‍යානය ලෙස නම් කෙරුණු බන්ද් ඊ අමීර් වනෝද්‍යානය ඇෆ්ගන් පවුල් අතර ජනප්‍රිය ගමනාන්තයකි.
 

Exit mobile version