ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (22) පස්වරුවේ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
මෙම තරගාවලියේ දෙවන තරගය අනිද්දා මෙම ක්‍රීඩාංගණයේදී ම පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් තරගය පැවැත්වෙන්නේ මේ මස 26 වනදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.
මෙම තරග තුනම නොමිලේ ක්‍රීඩකයින්ට නැරඹීමට අවස්ථාව හිමිවන බව සඳහන්.
