මාස 11 කට පසු ධනුෂ්ක අද දිවයිනට .

ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වර්ෂයේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවට නොවැම්බර් මස 6 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් ධනුෂ්ක දින කීපයක් බන්ධනාගරගතව මාස 11කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ සිටි අතර ඔහු නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා ඕස්ට්‍රේලියානු අධිකරණය පියවර ගන්නා ලදී.

Exit mobile version