ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අයවැය සහ සුභසාධන ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් ඊයේ (28) අනුමත කර ඇති බව වාර්තා වේ.
පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එකගතාවයකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම ණය මුදල මෙය බව සදහන්.
මෙයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම සදහාත් ඩොලර් මිලියන 500 අයවැය සදහා ලබාදීමට නියමිත බව සදහන්.
