චීන ගුවන් සේවයක් වන “ Air China “ ලොව පුරා පැතිර ගිය වසංගතයෙන් පසුව යළිත් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මෙරටට පැමිණ තිබේ.
මෙම ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළගා වූ අතර එය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග් , චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කලාපීය කළමණාකරු ෂූයි ජුන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය බව සඳහන් වේ.
මෙම ගුවන් යානය ඒ – 320 එයාර් බස් වර්ගයේ සී.සී.ඒ.425 දරන ගුවන් යානායක් වන අතර එය චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඊයේ (03) රාත්‍රී 08.20ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
එමෙන්ම මෙහි මගීන් 142 දෙනෙක් සහ ගුවන් යානා කාර්‍ය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණි අතර “ Air China
“ ගුවන් සේවය සෑම සතියකම සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චෙන්ඩු නුවර බලා පිටත්ව යන බව සඳහන්.
