Air India ටාටා විසින් මිලදී ගැනේ

ටාටා සමූහය විසින් ඉන්දීය ජාතික ගුවන් සේවය  වන Air India සමාගම මිලදී ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (27) දින නිල වශයෙන් Air India ගුවන්සේවය ටාටා සමාගම වෙත පවරා දුන් බවයි.

අදාළ ගුවන් සේවය ණය විශාල ප්‍රමාණයකට යටව තිබූ අතර එය ටාටා සමාගමට මිලදී ගැනීමට ඩොලර් බිලියන 2.4ක් ඉන්දීය රජයට ලබා දී ඇත.

ටාටා සමාගම ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන අතර , 1932 වර්ෂයේ දී මෙම ගුවන් සමාගම ආරම්භ කර තිබූ අතර පසුව 1953 වර්ෂයේ දී එය ඉන්දීය මධ්‍යම රජයට පවරාගෙන ඇත.

අදාළ ගුවන් සමාගම වාර්ෂිකව අඛණ්ඩව අලාභ ලබන අතර එහි අලාභය ඩොලර් බිලියන 9.5ක් පමණ බව වාර්තා වේ.

අද (27) ටාටා සමාගමේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව ඇති අතර එහි දී ගුවන් සමාගම නිල වශයෙන් නැවත ටාටා සමාගම වෙත භාර දී ඇත.

Exit mobile version