ගුවන්තොටුපළේ තැරැව්කරුවන් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගගන යාත්‍රාංගනය තුළ ප්‍රවාහන සේවා සැපයීම සදහා තැරැව් කළ බවට චෝදනා එල්ල වූ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඔවුන්ට ප්‍රවාහන සේවා සදහා නිසි බලධාරියෙකුගෙන් ලබා ගන්නා අවසර පත්‍රයක් නොමැති අතර මොවුන් ගුවන් සේවා පර්‍යන්තය අසලදී විදේශීය සංචාරකයන් අපහසුතාවට පත්වන පරිදි ප්‍රවාහන සේවා සැපයීම සදහා තැරැව් කර ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් හතරදෙනා මිනුවන්ගොඩ,කටුනායක ,කිඹුලාපිටිය සහ ආඩිඅම්බලම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35ත් 53ත් අතර වයස්වල පසුවන්නන් වේ.

Exit mobile version