අද (19) දිනයේ මහනුවර අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිඳුවන බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදසි ඇමතුම් අංකයට ඊයේ (18) දිනයේ ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිට මෙම නගරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් ද එම ප්‍රදේශයට යැවීමට කටයුතු කරන බවත් දැනට අනියුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත් වැඩි දුරටත් සඳහන් .
