බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඩුබායි රටේ සැගව සිට මෙරටට පැමිණ ඇති හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ , මත්ද්‍රවය ජාවාරම් මෙහෙයවන කන්නංගරගේ ලලිත් කන්නන්ගරගේ යන අය රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා හෙරෝයින් සමග අතුරුගිරිය මුල්ලේගම ජනතා පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ හෙරෝයින් ග්රෑම් 100ක් තිබී ඇති අතර මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී නිවෙස තුළ බිස්කට් ටින් එකක් තුළ සගවා තිබී තවත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සොයා ගෙන ඇත.