අද (13) දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතව පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙලට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගි වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර තිබේ
ඒ අනුව 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි දී සහභාගී වීමට ද නියමිතය බව වාර්තා වේ..
එහිදී විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් , ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි යන අයවලුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තාවේ.
