අලි සබ්රි 30 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවට.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (14) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වූ 30 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවට සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

කලාපීය රටවල්වල තිබිය යුතු සහයෝගීත්වය , නාවික ආරක්ෂාව , හදිසි ආපදාවලට ක්ෂණික මැදිහත්වීම් , රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමුව ඇති අතර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය දරණ රටවල සාමාජිකයෙක් වීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

Exit mobile version