අලි සහීර් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි.

කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබූ බව වාර්තා වේ.

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මැතිවරණ කොමිසම විසින් පසුගිය දා නිකුත් කළ බව සදහන්.

Exit mobile version