සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක වන අන්තර් සමාජ තුන්දින තරගාවලිය සහ ආරාධිත ක්‍රිකට් සමාජ අතර පැවැත්වෙන ටියර් B තුන්දින තරගාවලි ද ඊට අයත් බව සදහන්.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් සිදුකළ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගෝස්තු 25 වනදා ලිඛිත උපදෙස් ලබාදුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් පවසා තිබේ.

Exit mobile version