ලොතරැයි පතේ සිට සියලුම සූදු නියාමනය කරනවා – රංජිත් සියඹලාපිටිය .

කැසිනෝ සහ සූදූවට අදාළව මුදල්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මේ වර්ෂය (2023) තුළ නියාමන අධිකාරියක් පිහිටුවීමට නියමිත බව වාර්තා වේ .

ඒ අනුව මේ සඳහා පවතින නිතී සමාලෝචන කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් වන පරිද්දෙන් “2010 අංක දරන කැසිනෝ නියාමන පනත” , “1988 අංක 40 දරන ඔට්ටු අල්ලීමේ සහ සූදූ බදු පනත” යන පනත් සංශෝධනය කිරීමට නියමිත බව අමාත්‍යාංශයේ නිතී අංශයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

පසුගියදා ජනමාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ ලොතරැයි පතේ සිට සියලුම සූදූ, නියාමන අධිකාරිය විසින් නියාමනය කරන බවත් , සූදූ සහ කැසිනෝ ව්‍යාපාර හිමියන්ගෙන් අයකරන ගාස්තුව ඩොලර් 200ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් ය.

වාර්තා වන ආකාරයට මෙම වර්ෂයේ පෙබරවාරි, මාර්තු, සහ අප්‍රේල් ,මැයි යන මාසවලදී පුද්ගලයන් 9,037 දෙනෙකු කැසිනෝ සඳහා ඇතුළත්ව ඇති අතර ඉන් 5,381ක් විදේශිකයන් ද 3, 656ක් ස්වදේශිකයන් ද වේ.

Exit mobile version