වාහන හැර සියලුම ආනයන තහනම් ඉවතට .

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර ඇති බව වාර්තා වේ.

රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහනම් මේ වන විට ක්‍රියාත්මක බව සදහන්.

 ආනයන තහනම් ඉවත් කිරීම සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් සිදුකිරිමට නියමිත බව සදහන්.

ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙන අතර පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව සදහන්.

Exit mobile version