පැන ගිය රැදෙවියන් නවදෙනාම අත්අඩංගුවට.

බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටි රැදෙවියන්ගෙන් රැදෙවියන් නවදෙනෙක් ඊයේ (17) අලුයම් කාලයේ ඉන් පලා ගොස් තිබුණි. මෙසේ පලා ගිය රැදෙවියන්ගෙන් හයදෙනෙකු ඊයේ (17) පෙරවරුවේ සහ පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය එක්ව සිඳු කළ මෙහෙයුම් හමුවේ සොයා ගන්නා ලදී.

පලා ගිය අනෙකුත් රැදෙවියන් අද (18) අලුයම කඳවුර අවට තිබෙන වනාන්තරයේ සිඳු කළ සෝදිසි මෙහෙයුමකදී එහි සැඟව සිටියදී සොයා ගත් බව වාර්තා වේ.

 ඒ අනුව පලා ගිය රදෙවියන් නවදෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (18) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version