අද සිට සියලුම දුම්රිය සුපුරුදු පරිදි .

දුම්රිය නියාමකවරුන් දියත් කළ වර්ජනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මහජන සහන මැදිරියට පැමිණිල්ලක් ලැබුණු අතර දුම්වැටියක් මුල් කරගනිමින් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහර දීමට විරෝධය පළ කරමින් නියාමකවරුන් පසුගිය 4 වන දින ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබුණි .

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 4 වන දින දුම්රිය ගමන් වාර 80 ක් අවලංගු වූ අතර ඊයේ (05) දින ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු විය .

දුම්රිය නියාමකයින්ගේ සංගමය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ ඊයේ (05) දහවල් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාවය මත වර්ජනය අවසන් කිරීමට තීරණය කළ අතර අද (06) උදෑසන සිට සියලුම දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version