ත්‍රී රෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් වලට අනුව මෝටර් රථ වාහන පනතට අනුව ත්‍රී රෝද රථවලට අමතර උපාංග සවි කිරීමට සහ අලංකරණය සඳහා අවසර ලබා දෙන බවත් , ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කෙරෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30ක් යටතේ ක්‍රියාත්මක බවත් , මෙම අනුමැතිය 2023.07.10 වන දින සිට බලාත්මක බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රී රෝද රථ පැවරුම් ශාඛාවෙන් 011 348 4520 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.













































