යන්ත්‍ර අලුත්වැඩියා කළාට ඒවා ක්‍රියාකරවන්න විකිරණවේදීන් නෑ.

විකිරණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල එක්ස්-රේ සහ CT ස්කෑන් ක්‍රියාකාරකම් අවදානම් තත්ත්වයක පවතින බවත් , විකිරණවේදීන් 400ක් රටට අවශ්‍ය බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එක්ස්-රේ සහ CT ස්කෑන් උපකරණ අලුත්වැඩියා කළද එම උපකරණ ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයක් නොමැති බවයි.

නමුත් විකිරණවේදීන් බඳවාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් , අනුමැතිය ලැබුණු පසු බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බවත්
සෞඛ්‍ය ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කර තිබේ .

Exit mobile version