මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණි ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400 ක පමණ දුරක් පමණක් ඇති බවත් එම දුර ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවත් එම සංගමය පවසයි.
ඒ අනුව අදාල නව ඉන්ධන පිරවුම්හලට එරෙහිව පැරණි පිරවුම්හලේ හිමිකරු අධිකරණයේ පිහිට පැතීමත් සමඟ මෙම ඵෙතිහාසික තීන්දුව ලැබුණු බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
