මේ වනවිට සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බවත් , එම අඩුපාඩු සංශෝධනය කර ඊට කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
“සුරාබදු ආඥා පනත අපේ රටේ තියෙන ඉතාම පැරණි ආඥා පනතක් අවුරුදු 100කටත් වැඩියි. මේක වරින් වර ඒ යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කරගත්ත පනතක්. ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා සැබෑ රාජ්‍ය ආදයම ලබාගැනීම සඳහා අවශ්‍ය යවත්කාලීන කිරීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සුරාබදු පනත වෙනස් කිරීම පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව දැනට මේ සුරාසැල් ස්ථානගතවීම ආදිය කෙරෙහි සෘජුවම බලපාන්නේ 2008 දී ගෙන ආ 902 නිවේදනය. මේ නිවේදනයත් අපි කඩිනමින් යාවත්කාලීන කරන්න කටයුතු කරමින් යනවා.”
