ඇමෙරිකාව සිය අවසන් රසායනික අවි තොගයත් විනාශ කරයි.

ඇමෙරිකානු හමුදාව සතු අවසන් මාරාන්තික රසායනික ද්‍රව්‍ය ටොන් 500ක් විනාශ කිරීමේ සිව් වසරක ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් අනතුරුව ඇමෙරිකාව විසින් සිය අවසන් රාසයනික අවි තොගයත් විනාශ කළ බව එරට ජනාධිපති ජෝ බයින්ඩින් විසින් නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දශක තුනකට පෙර ගෙන එනු ලැබූ රසායනික අවි භාවිතයෙන් ඉවත්වීමේ ජගත් සම්මුතියට ලොව රටවල් රැසක් අත්සන් තබා තිබූ නමුත් අවසන් වරට එම සම්මුතියට අත්සන් තබා ඇත්තේ ඇමෙරිකාව බව සඳහන් වේ. එමෙන්ම ඇමෙරිකාව සතු සියලුම රසායනික සහ යුධෝපකරණ විනාශ කිරීමට මෙම වර්ෂයේ සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය ලබා දී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version