ඇමෙරිකාවේ ජනාධිපති ආර්‍යා හට කොවිඩ් වැළදිලා.

ඇමෙරිකාවේ ජනාධිපති ආර්‍යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොවිඩ් සඳහා වන පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඇයට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන අතර ජිල් බයිඩන්ට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බව ඇගේ කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Exit mobile version