ඇමෙරිකාවේ සමූහ ඝාතකයා හඳුනා ගැනේ.

ඇමෙරිකාවේ ලුවිස්ටන් මේන් ප්‍රදේශයේ අවන්හලක සහ ක්‍රීඩා මංතීරුවක් ඇතුළු ස්ථාන කිහිපක ඊයේ (25) රාත්‍රී කාලයේ සිදුකළ වෙඩිතැබීම්වලින් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .

එම වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයින්ට අමතරව තවත් පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ .

මෙම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔහු රොබට් කාඩ් නම් පුද්ගලයෙක් බවත් , ඔහු ගිනිඅවි උපදේශකයෙකු ලෙස හමුදාව මඟින් පුහුණු කළ අයෙක් බවත් , එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version