රතු නිවේදන මැද කුඩු අංජු නිදහස් වෙයි.

මෙරට ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ‘කුඩු අංජු’ නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් ද මේ වනවිට මුදාහැර ඇති බව සදහන්.

මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version