විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා(19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව එදින පෙරවරු 8 සිට ලබන 20 වන ඉරිදා අලුයම 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ ,දෙහිවල – ගල්කිස්ස ,කෝට්ටේ,කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙන්ම මහරගම ,බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.
එමෙන්ම කොටිකාවත්ත ,මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල සහ රත්මලාන කටුබැද්ද ප්‍රදේශවලටද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්.
