රාවණා ඇල්ල ආසන්නයේ අනතුරක්.

බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී ත්‍රීරෝද රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඊයේ (15) සවස් කාලයේ අනතුර සිදු ව ඇති අතර ඉන් ත්‍රීරෝද රථයට බරපතළ හානි සිදුව ඇති බව සදහන්.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරුට සුළු තුවාල සිදු වී ඇති අතර බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version